විවිධ නාලිකාවල එල්නීනෝ ලානීනා ගැන ලොකුවට දැන් කතා වුවත් මේ සම්බන්ධයෙන් මීට පෙර දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ දී අප්‍රේල් 7 වැනිදා ප්‍රථම වරට කතා කළ බවත් විවිධ රාජ්‍ය ආයතන විශේෂඥයන් කැඳවා මෙය එදා සාකච්ඡා කළ බවත් දෙස් විදෙස් විශේෂඥයන් කියන ආකාරයට එල්නීනෝ සහ ඉන් පසු ලානීනා කියන තත්ත්වය භයංකාර විය හැකි බවට අනාවැකි පළ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කැලඹුණු සංක්‍රමනික තත්ත්වයක් තුළ රටක් ලෙස පරිස්සමින් මෙයට මුහුණ දිය යුතු බවත් NOAA යන ජාත්‍යන්තර ආයතන විසින් නැගෙනහිර දිසාවට ඉවත් වන උණුසුම් ජල ධාරාවක් නිසා මතුපිට උශ්නත්වය ඉහළ යාමක් ගැන භයංකාර ලෙස අනාවැකි පළ කර ඇති බවත් සුපර් එල්නීනෝ තත්ත්වයක් ඇති විය හැකි බවට 63%ක සම්භාවිතාවක් ඇති බවට අනාවැකි පළවන බවත් මේ නිසා බරපතල වියළි කාලයක් හා වැසි සහිත කාලගුණයක් තුළ අන්තවාදී දේශගුණ හා කාලගුණ තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමිනි.
කෘෂිකාර්මික ගැටලු, ජල ගැටලුව, වනසත්ව මිනිස් ගැටුම වර්ධනය වීම ඇතුළු ගැටලු සේම පසුව ලානීනා තත්ත්වය නිසා නිශ්චිත කාල වකවානුවෙන් බැහැරව තද වැසිවලටත් මුහුණ දෙන්න සිදුවන නිසා මිනිසට සතුන්ට සහ පරිසරයට බරපතල තර්ජනයක් විය හැකි බවත් මේ නිසා ජල ගැටලු වැඩි වී විදුලි උත්පාදනය පවා ගැටලුකාරී විය හැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
එබැවින් මේ සම්බන්ධයෙන් මුහුණ දීමට වෙනමම කාර්යසාධන බලකායක් ස්ථාපිත විය යුතු බවත් එය රාජ්‍ය ප්‍රතිපත්ති සමග එකාබද්ධ වී අභියෝග හමුවේ විසදුම් සෙවීමක් විය යුතු බවත් මෙහි දී ජනතාව දැනුවත් කිරිම සිදුවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
.jpg)
Lanka Newsweek © 2026